About Us

Our
Story
ඕනම දේකට ඉතිහාසයක් වගේම අතීතයක් තියෙනවා. මෙම ව්‍යාපාරයට සුවිශේෂී අතීතයක් තියෙනව. ව්‍යාපාරික අතීතයක් නෙවෙයි. මිත්‍රත්වයේ අතීතයක්. ඇහැළියගොඩ ජාතික පාසලෙන් ආරම්භ වූ මේ මිත්‍රත්වය 11D පන්තියෙන් ඉවත් වූ පසුවත් ශක්තිමත් විය. වසර 25කට අධික කාලයක් තිස්සේ නොවෙනස්ව පවතින මේ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් එකම ගෘහස්ථ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාංගණය ඇහැලියගොඩට ගෙනවිත් ඇත. ඔවුන් මෙය ED Sports (Ekolaha/Eleven D) ලෙස නම් කර ඇත්තේ ඔවුන් පාසලේ 11D හි එකට සිටි අවසන් පන්තිය පදනම් කරගෙන ය.
අවුරුදු 25ක් පුරාවටම නොවෙනස්ව පවත්වාගෙන ආ උණුසුම් බැදීමක ප්‍රතිඵලයක් වශයෙන් ඇහැලියගොඩ පුරවරයට ප්‍රථම වතාවට හදුන්වාදෙන ගෟහස්ථ ක්‍රීඩාංගනය මෙයයි. ඩෙසිකා ටීචර් ඇතුළු ගුරු දෙවිවරුන්ගේ ශිල්ප ශාස්ත්‍රයෙන් ජීවිතය ජයගත්, හැඩවුණු ගෝලයන් තිදෙනෙක්. වසීම්. ෆවාස්. තරිදු. වර්තමානයේ මේ තිදෙනා වෘත්තීමය වශයෙන් මාවත් 03ක දිවගියත්, මේ මිත්‍රත්වය ආදරයේ නාමයෙන් බැදුණු පරණ වෙන්න වෙන්නම වටිනාකම වැඩිවුණු මධුවිතක් මෙන් තුන් හිතක්. මේ හැම දෙයකම අග්‍ර ඵලයක් ලෙස බිහිවූ ED Sports ශක්තිමත් බැදීමකින් ගොඩනැගුණු ව්‍යාපාරයක්. ව්‍යාපාරයකට එහා ගිය දිගුකාලීන සමාජ සුබසාධන සත්කාරයක්.

